Latest News

එංගලන්තයේ විරෝධතාවයක් අතරතුර පොලීසියට දරුණු ප්‍රහාර

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනිකොනදිග එංගලන්තයේ, එපිං නගරයේ සරණාගතයින් නවාතැන්ගත් හෝටලයක් ඉදිරිපිට දී විරෝධතාකරුවන් පිරිසක් එක්සත් රාජධානියේ පොලිසියට පහර දී කලහකාරීව හැසිරුණු සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී වීමෙන් පසු ඊට සම්බන්ධ වූ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද සඳහන්.

විරෝධතාකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට පහරදී පොලිස් වෑන් රථවලට ද හානි සිදුකර තිබෙනවා.

ලිංගික අතවර චෝදනා මත පොලිසිය සරණාගතයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට Bell හෝටලයෙන් පිටත සිට පිරිසක් කලහකාරීව හැසිරුණු බවයි වාර්තා වුණේ.

Essex හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී Simon Anslow ප්‍රකාශ කර ඇත්තේ අපරාධකාරී හැසිරීම් වලට තවත් ඉඩදිය නොහැකි බවයි.

එමෙන්ම ගැටලුවක් ඇති නොවන පරිදි විරෝධතා පවත්වන්නට හැකියාව තිබුණද, එය ප්‍රචණ්ඩත්වයකට පත් කිරීම පිළිබඳව තමා දැඩි කනසල්ලට පත්ව සිටින බවද ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today