Latest News

ඉන්දීය ගුවන් යානාවලට පාකිස්තාන අහස වසාදැමීම ගැන අලුත්ම තීරණය මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්තානය ගත් තීරණය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන ගුවන්තොටුපොළ අධිකාරිය සඳහන් කළේ මෙම තීරණය අගෝස්තු 24 දක්වා බලපැවැත්වෙන බවයි.

පාකිස්තාන රජය ගනු ලැබූ මෙම තීරණයත් සමඟ ඉන්දීය ගුවන් සේවා මගින් ක්‍රියාත්මක කරන කිසිදු ගුවන් යානයකට, ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට පාකිස්ථාන ගුවන් අවකාශයට ඇතුළුවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

අප්‍රේල් 22 වන දින පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්තානට එරෙහිව ඉන්දීය රජය ගත් පියවරවල කොටසක් ලෙස අප්‍රේල් 30 වන දින පළමුව තහනමක් පැනවීමෙන් පසු ජූලි 24 වන දින දක්වා සියලුම පාකිස්තාන ගුවන් යානා සඳහා ඉන්දියානු ගුවන් අවකාශය වසා දැමුණා.

පාකිස්තාන අප්‍රේල් 24 වන දින ඉන්දියානු ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය පළමුව වසා දැමූ අතර, දෙරට විසින් පනවා තිබූ ටයිට්-ෆෝ ටැට් සීමාවන් කිහිප වතාවක් දීර්ඝ කරනු ලැබුවා.

World News

Send your contact Details Today