ධාරානිපාත වර්ෂාව සහ හදිසි ගංවතුර හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයින් 111 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ ජුනි 26 සිට ජුලි 14 දක්වා කාලසීමාව තුළ එම මරණ සිදුවී ඇති බවයි.
එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 212 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පසුගිය පැය 48 තුළ වර්ෂාව ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම අධිකාරිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.
මෙවන් තත්ත්වයක් යටතේ ඉදිරි දිනවලදී තවදුරටත් වර්ෂාපතනය සඳහාද එරට වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.