Latest News

බස් රථයක සිටි මගීන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කරයි – මගීන්ගේ සිරුරු කඳුකර ප්‍රදේශයකින් මතුවේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේදී සන්නද්ධ පිරිස් විසින් බස් රථයක සිටි මගීන් පිරිසක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

එලෙස පැහැර ගෙන ගොස් තිබූ මගීන් 9 දෙනෙකු පැහැරගෙන යාමෙන් පසු ඝාතනය කර ඇතැයි පකිස්තාන බලධාරීන් පැවසූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ ඊයේ සවස බස් රථ කිහිපයකින් මගීන් පැහැරගෙන ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ඝාතනය කළ මගීන්ගේ සිරුරු වෙඩි උණ්ඩ සහිත තුවාල සමගින් කඳුකර ප්‍රදේශයකදී සොයා ගත් බව පකිස්තානයේ රජයේ නිලධාරියෙකු වන නවීඩ් අලාම් පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් වගකීම භාරගෙන නැහැ.

බෙදුම්වාදී බලුච් සටන්කාමීන් මීට පෙරද මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වී ඇති අතර, ඔවුන් නැගෙනහිර පන්ජාබ් පළාතෙන් පැමිණි බවට හඳුනාගෙන තිබෙනවා.

ඛනිජ සම්පත් බහුල කලාපයක් වන ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටි පකිස්තාන ප්‍රදේශවල දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කැරලි කණ්ඩායම් ගණනාවකින් ප්‍රබලම හමුදාව වන්නේ බලුච් විමුක්ති හමුදාවයි.

වාර්ගික බලුච් සටන්කාමීන් පන්ජාබ් පළාතේ වියදම් සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් ඔවුන්ගේ කලාපීය සම්පත් සොරකම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ බලධාරීන්ට දොස් පවරනු ලබනවා.

World News

Send your contact Details Today