Latest News

Chrome බ්‍රවුසරයට, OpenAI වෙතින් අභියෝගයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙළඳපොළේ ආධිපත්‍යය දරණ ඇල්ෆබට් සමාගමේ Google Chrome බ්‍රවුසරයට අභියෝග කරමින්, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ වෙබ් බ්‍රවුසරයක් එළිදැක්වීමට Chat GPT වට ගෙනා ඕපන්ඒඅයි (OpenAI) ආයතනය ඉතා ආසන්නව සිටින බව, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

මෙම බ්‍රවුසරය ඉදිරි සති කිහිපය තුළ දියත් කිරීමට නියමිත අතර, එහි අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් පාරිභෝගිකයන් වෙබ් අඩවි පිරික්සන ආකාරය මූලිකවම වෙනස් කිරීමයි.

මෙමඟින් ගූගල් සමාගමේ සාර්ථකත්වයේ රහස වන පරිශීලක දත්ත වෙත සෘජු ප්‍රවේශයක් OpenAI ආයතනයට හිමිවනු ඇති.

ChatGPT හි සතිපතා සක්‍රීය පරිශීලකයින් මිලියන 500ක් මෙම බ්‍රවුසරය භාවිත කිරීමට යොමු වුවහොත්, එය ප්‍රතිවාදී Google සමාගමේ වෙළඳ දැන්වීම් ආදායම් ප්‍රභවයේ ප්‍රධාන අංගයකට දැඩි පීඩනයක් එල්ල කළ හැකියි.

Chrome බ්‍රවුසරය යනු ඇල්ෆබට් සමාගමේ වෙළඳ දැන්වීම් ව්‍යාපාරයේ වැදගත් කුළුණක් වන අතර, එමගින් සමාගමේ ආදායමෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන බවයි වාර්තා වන්නේ.

OpenAI හි මෙම නව බ්‍රවුසරය නිර්මාණය කර ඇත්තේ, පරිශීලකයින් වෙබ් අඩවි වෙත පිවිස ක්ලික් කරනවා වෙනුවට, Chat GPT වැනි ස්වදේශීය සංවාදමය අතුරු මුහුණතක් තුළ ඇතැම් පරිශීලක අන්තර්ක්‍රියා රඳවා ගැනීමට බව එම ආරංචි මාර්ග දෙකක් සඳහන් කර තිබෙනවා.

මෙම බ්‍රවුසරය, OpenAI හි සේවාවන් පාරිභෝගිකයන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය පුරා ඒකාබද්ධ කිරීමේ පුළුල් උපායමාර්ගයක කොටසක් බවයි එක් ආරංචි මාර්ගයක් පවසා ඇත්තේ.

කෙසේ වෙතත්, OpenAI ආයතනයට දැඩි තරඟයකට මුහුණ දීමට සිදුවනු ඇති.

වෙබ් විශ්ලේෂණ සමාගමක් වන ස්ටැට්කවුන්ටර් (StatCounter) ට අනුව, බිලියන 3කට අධික ජනතාවක් භාවිතා කරන Google Chrome බ්‍රවුසරය, මේ වන විට ලෝක ව්‍යාප්ත බ්‍රවුසර් වෙළඳපොළෙන් තුනෙන් දෙකකට වඩා වැඩි කොටසක් හිමිකරගෙන සිටිනවා.

දෙවන ස්ථානයේ පසුවන Apple සමාගමේ සෆාරි බ්‍රවුසරය, 16%ක කොටසක් සමඟ බොහෝ පසුපසින් සිටිනවා.

OpenAI හි බ්‍රවුසරය, ගූගල් සමාගමේම විවෘත-මූලාශ්‍ර බ්‍රවුසර් කේතය වන ක්‍රෝමියම් (Chromium) මත ගොඩනගා ඇති බවයි ආරංචි මාර්ග දෙකක් සඳහන් කළේ.

ක්‍රෝමියම් යනු Google Chrome මෙන්ම, මයික්‍රොසොෆ්ට් එජ් (Edge) සහ ඔපෙරා (Opera) ඇතුළු බොහෝ තරඟකාරී බ්‍රවුසර් සඳහා වන මූල කේතයයි.

පසුගිය වසරේදී, Google Chrome දියුණු කළ මුල් කණ්ඩායමේ සාමාජිකයින් වූ, දීර්ඝ කාලයක් සේවය කළ ගූගල් උප සභාපතිවරුන් දෙදෙනෙකු OpenAI ආයතනය විසින් බඳවා ගෙන තිබෙන බව ද සඳහන්.

තරගකාරීත්ව නීති ක්‍රියාත්මක කරන්නන් විසින් Chrome බ්‍රවුසරය විකිණීමට බලකළහොත්, එය මිලදී ගැනීමට තම සමාගම කැමැත්තෙන් පසුවන බව OpenAI හි විධායක නිලධාරියෙකු අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කර තිබෙනවා.

වෙනත් සමාගමක බ්‍රවුසරයක් මත ක්‍රියාත්මක වන “ප්ලග්-ඉන්” එකක් නිර්මාණය කරනවා වෙනුවට, තමන්ට එකතු කරගත හැකි දත්ත සම්බන්ධයෙන් වැඩි පාලනයක් ලබාගැනීම සඳහා, තමන්ගේම බ්‍රවුසරයක් ගොඩනැගීමට ඕපන්ඒඅයි ආයතනය තීරණය කළ බවයි පැවසුවේ.

World News

Send your contact Details Today