Latest News

ජපාන හමුදාවට විශේෂ බලයක් හිමිවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටේ ගුවන් සීමාවට ඇතුළු වන මිනිසුන් රහිත ඩ්‍රෝන යානා බිම හෙළීමට බලය යෙදවීම සඳහා ජපාන රජය සිය හමුදාවට බලය පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය ජපාන රජය තම භූමිය වටා චීන ඩ්‍රෝන ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට එරෙහිව ජපාන ස්වයං ආරක්ෂක බලකායේ ප්‍රතිචාර දැඩි කිරීම වෙනුවෙන් එළඹි ප්‍රතිපත්තිමය වෙනසක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජපානයේ Sankei Shimbun පුවත්පතට අනුව පසුගිය ජූනි මස අගදී, අගමැති ෂිගේරු ඉෂීබාගේ කැබිනට් මණ්ඩලය එලෙස නියමුවන් රහිත ඩ්‍රෝන යානා සඳහා වෙඩි තැබීමට අවසර දී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පෙර නීතිමය රාමුව යටතේ, ජපාන ගුවන් හමුදා නියමුවන්ට ජපන් ගුවන් සීමාවට ඇතුළු වන මිනිසුන් රහිත ගුවන් යානාවලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවසර දී තිබුණා.

World News

Send your contact Details Today