සංචාරකයන් සඳහා අපූරු තෝතැන්නක් බවට පත්වුණු දකුණු ආසියාවේ සුන්දර ස්ථානයක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ.
ශ්‍රී ලංකාව තුළ පවතින සෞම දේශගුණික තත්ත්වය නිසාම දෙස් විදෙස් සංචාරකයන් අතිවිශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණෙනවා.
පසුගිය කාල සීමාවේදීත් සංචාරක ආකර්ෂණය වැඩිපුර දිනාගත් රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානය ලබා ගත්තා.
ඒ අනුව ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය වන Emirates ගුවන් සේවයේ නවතම වෙන් කිරීමේ (Booking) දත්ත (Data) අනුව, ලංකාව වැඩිම පිරිසකගේ ආකර්ශනය දිනා ඇති රටවල් තුන අතර සිටින බව වාර්තා වනවා.
ලංකාව; එහි පොහොසත් සංස්කෘතික උරුමයත්, පිරිසිදු වෙරළ තීර සහ තේ වතු සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි සුඛෝපභෝගී අත්දැකීම් හේතුවෙන්, සෙවුම් පරිශීලකයන්ගේ 32% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි Emirates ගුවන් සේවය පවසන්නේ.
එමෙන්ම ජූලි සහ අගෝස්තු අතර කාලයේ දී ගිම්හාන සෘතුව උදාවන අතර, එම කාලය තුළ ගුවන් ගමන් සෙවීම්, පසුගිය වසරට සාපේක්ෂකව 7% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.