ChatGPT වැනි AI Chatbots මගින් බරපතල මානසික සෞඛ්‍ය ගැටළු ඇති වන බව Stanford විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව මෙමඟින් මනෝ ව්‍යාධිය, උන්මාදය සහ සියදිවි නසාගැනීමේ (Psychosis, Mania, and Suicidal) වැනි සිතුවිලි ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
පර්යේෂකයින් අනතුරු අඟවන්නේ Emotional Support සඳහා බොහෝදෙනෙකු AI වෙත යොමු වෙත යොමුවීම මඟින් එහි ප්‍රතිචාර ඇතැම්විට යහපතට වඩා හානිදායක විය හැකි බවයි.
Stanford පර්යේෂණයේදී ඔවුන් ChatGPT වෙත රැකියාව අහිමි වී ඇති බවත් නිව්යෝර්ක්හි උසම පාලම් පිළිබඳ විමසීමක් කර තිබෙනවා.
එය සියදිවි නසාගැනීමේ අවදානමක් ලෙස හඳුනාගැනීම වෙනුවට Chatbot විසින් උස පාලම් පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති අතර එය හානිකර සිතුවිලි දිරිමත් කිරීමක් බවයි පර්යේෂණයේදී තහවුරු වී ඇත්තේ.
ඒ හේතුවෙන් මානසික සෞඛ්‍ය සඳහා කෘතිම බුද්ධිය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට හැකි ඉක්මනින් පියවරයන් ගත යුතු බව Stanford විශ්ව විද්‍යාලය අවධාරණය කරනවා.
මානසික සෞඛ්‍ය මෙවලමක් ලෙස ChatGPT භාවිතා කිරීමේදී ප්‍රවේශම් වන ලෙස OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් ඉල්ලා සිටියද, Meta හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විශ්වාස කරන්නේ එවැනි මානසික සෞඛ්‍ය ගැටළු වෙනුවෙන්ද AI සකස් කළ හැකි බවයි.