Latest News

පාකිස්තානයෙන්, ඉන්දියාවට විශේෂ ලිපියක් යොමු කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාශ්මීර් ත්‍රස්ත ප්‍රහා­ර­යට ප්‍රති­චාර දක්ව­මින් ඉන්දීය රජය විසින් අත්හි­ටු­වනු ලැබූ ඉන්දුස් ජල ගිවි­සුම යළි විවෘත කරන ලෙස පාකි­ස්තාන රජය දිගින් දිග­ටම ඉල්ලීම් කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජල ගිවි­සුම අත්හි­ටු­වී­මෙන් පාකි­ස්තා­නයේ ප්‍රාන්ත රැසක ගොවි ප්‍රජාව මුහුණ පා සිටින දුෂ්ක­රතා සැල­කි­ල්ලට ගෙන එම තීර­ණය නැවත සලකා බලන ලෙස ඉල්ලා පාකි­ස්තා­නයේ ජල සම්පත් අමා­ත්‍යාං­ශයේ ලේකම් සයිඩ් අලි මුර්ටසා විසින් ඉන්දි­යාවේ ජල සම්පත් අමා­ත්‍යාං­ශ­යට ලිපි 4ක් යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

1960 වස­රේදී දෙරට අතර අත්සන් තැබූ එම ගිවි­සුම අත්හි­ටු­වී­මට ඉන්දි­යාව ගත් තීර­ණය ඒක­පා­ර්ශ්වික හා නීති විරෝධී බව පාකි­ස්තාන ජල සම්පත් අමාත්‍යංශයේ ලේක­ම්ව­රයා එම ලිපි මගින් අව­ධා­ර­ණය කර තිබෙන බවත් සඳහන්.

දශක ගණ­නා­වක් පුරා පව­තින දේශ­සීමා ත්‍රස්ත­වා­දය නොස­ලකා හරි­මින් ජල අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් එවැනි චෝදනා එල්ල කිරීම සදා­චාර විරෝධී බව ඉන්දි­යාවේ අද­හස වී ඇතැයි ද, පාකි­ස්තා­නය දේශ­සීමා ත්‍රස්ත­වා­ද­යට සහාය දීම ප්‍රති­ක්ෂේප කර­න­තුරු ජල ගිවි­සුම අත්හි­ටු­වීම ඉන්දි­යාවේ ස්ථාව­රය වී ඇතැයි ද වාර්තා වනවා.

World News

Send your contact Details Today