Latest News

රුසියාවේ ගර්භනී කාන්තාවන් සම්බන්ධ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු රජය විසින් පාසල් සිසුවියන් ගැබ් ගන්නේ නම් ඔවුන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බව නිවේදනය කර තිබෙනවා.

මෙම නව ප්‍රතිපත්තිය රටේ කලාප දහයක හඳුන්වා දී තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ රුසියාවේ ජනගහනයේ විශාල අඩුවීමකට මුහුණ දී ඇති පසුබිමකයි.

මීට පෙර, ගර්භනී කාන්තාවන්ට මුදල් ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබුණු නමුත්, එය වැඩිහිටියන්ට පමණක් සීමා වුණා.

දැන් එය පාසල් සිසුවියන් ද ඇතුළත් කරමින් ව්‍යාප්ත කර තිබෙන අතර 2023දී රුසියාවේ ජනගහන වර්ධන අනුපාතය කාන්තාවකට 1.41ක් වූ අතර, එය මීට පෙර 2.05ක් වුණා.

රුසියානු මහජන අදහස් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, නව යොවුන් ගැබ් ගැනීම් පිළිබඳ තොරතුරු ද නිකුත් වී තිබෙනවා.

මෙම සමීක්ෂණයෙන් සියයට 43ක් නව ප්‍රතිපත්තියට සහාය දැක්වූ අතර, සියයට 40ක් එයට විරුද්ධ වුණා.

මේ අතර, යුක්‍රේන යුද්ධයේදී රුසියානු සොල්දාදුවන් 250,000කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව ගණනය කර තිබෙනවා.

එසේම, තරුණ රුසියානුවන් රට හැර යාම ජනගහන අර්බුදය තවදුරටත් උග්‍ර කරමින් පවතිනවා.

රුසියාව, ස්ටාලින්ගේ යුගයේදී මෙන්, දරුවන් දහයකට වඩා සිටින පවුල්වලට පදක්කම් පිරිනැමීමට සැලසුම් කරනවා.

එසේම, ගබ්සාවට එරෙහිව දැඩි පියවර ගැනීමට රුසියාව සූදානම් වන බව වාර්තා වනවා.

2050 වන විට ලෝකයේ රටවලින් සියයට 75ක් ජනගහන අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ගණනය කර තිබෙනවා.

World News

Send your contact Details Today