Queensland සත්වෝද්‍යානයක සිංහ ප්‍රහාරයකින් වයස අවුරුදු 50 ක කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
ඉරිදා උදෑසන 8.30 ට පමණ ටූවූම්බා අසල ජනප්‍රිය වනජීවී උද්‍යානයක් වන Darling Downs සත්වෝද්‍යානයේ මෙම අනතුර සිදුව තිබුණා.
ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බවයි වාර්තා වුණේ.
සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය පවසා තිබුනේ මෙම ප්‍රහාරයෙන් කාන්තාවගේ අත අහිමි වූ බවයි.
පරිපූරක වෛද්‍යවරු ඇය බ්‍රිස්බේන්හි ප්‍රින්සස් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලට ගෙන ගොස් තිබුණා.
කෙසේවෙතත් මෙම සත්වයා කිසිඳු අවස්ථාවක එහි කුටියෙන් පිටතට නොගිය අතර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හෝ මහජනතාවට කිසිඳු අවදානමක් නොතිබු බවයි සත්වෝද්‍යානය පවසන්නේ.