Latest News

දියවැඩියාවට පාවිච්චි කරන ඖෂධයකින් තවත් රෝගයකට ප්‍රතිඵල – ඉතාලියේ පර්යේෂණයකින් සොයා ගනියි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දියවැඩියා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඔසෙම්පික් (Ozempic) වර්ගයේ ඖෂධයක් දීර්ඝකාලීන migraines සඳහා ඖෂධයක් ලෙස භාවිත කළහැකි බව පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ලිරාග්ලූටයිඩ් [Liraglutide] නම් Ozempic වර්ගයේ ඖෂධය මාස 3 ක් පුරා ලබාදුන් migraines රෝගීන්ගේ වේදනා සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී ඇති බවයි ඉතාලියේ සිදුකළ පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ.

රෝගීන් මාසිකව අත්විඳින migraines දිනයන් 20% සිට 11% දක්වා අඩු කිරීමට එම ඖෂධයට හැකිවී තිබෙනවා.

තරබාරුකම migraines සඳහා අවදානම් සාධකයක් වුවද, බර අඩු කර ගැනීම මෙම ඖෂධය ක්‍රියාත්මක වීමට හේතුව නොවන බවයි පර්යේෂකයන් පවසන්නේ.

එය හිස් කබලේ පීඩනය අඩුවීම හේතුවෙන් සිදුවිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් ලක්ෂ 50 ක් පමණ migraines වේදනාවෙන් පෙළෙන අතර, කාන්තාවන්ට පිරිමින්ට වඩා තුන් ගුණයකින් වැඩි අවදානමක් පවතිනවා.

නිසි ප්‍රතිකාර නොලැබුණු විට, මෙම වේදනාව විනාඩි කිහිපයක සිට දින 3 ක් දක්වා පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

World News

Send your contact Details Today