Latest News

දරු ප්‍රසූතිය සඳහා අමෙරිකාවට යන අයට අනතුරු ඇඟවීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් කිරීමේ අරමුණින් සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අයට අනාගතයේ වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවයි.

තානාපති කාර්යාලය සිය X ගිණුමේ පළකරන ලද පණිවිඩයක දැක්වෙන්නේ, එවැනි සංචාරකයන් බොහෝවිට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත්, එමගින් අමෙරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවයි.

පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය අයැදුම්කරුවකුගේ ප්‍රධාන අරමුණ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම්, සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙස අමෙරිකානු කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරනවා.

World News

Send your contact Details Today