නේටෝ මහලේකම් මාර්ක් රූට්, අමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රශංසා එක්කර තිබෙනවා.
ඒ ඉරාන සහ ඊශ්‍රායල ගැටුම මනා ලෙස හැසිරවීම පිළිබඳවයි.
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ නේටෝ සමුළුවට යන අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
ලෝක නායකයින් රැසක් එක්වන නේටෝ සංගමයේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වනවා.
ඒ නෙදර්ලන්තයේ හේග් නුවරදීයි.
මෙම සමුළුවේ පූර්ව කටයුතු ආරම්භ වූයේ පසුගිය සතියේයි.
එහි රාජ්‍ය නායකයන් එක්වන විශේෂ සමුළුවයි අද පැවැත්වෙන්නේ.
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් විසින් මෙම සමුළුව කැඳවා තිබෙනවා.
ඒ ඓතිහාසික සහ අනාගත පරම්පරාවන් සඳහා යුරෝපයේ සාමය සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින්.
2019 වසරෙන් පසු අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද පළමු නේටෝ සමුළුව මෙය වනු ඇති.
ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායකයින් 32 දෙනා මේ වනවිට ඊට එක්ව සිටිනවා.
ආරක්ෂක සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා නේටෝ රටවල ජාතික නිෂ්පාදනයෙන් 5% ක් වැය කිරීමට මෙහිදී තීරණය කරනු ඇති.