ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම 300 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්‍රහාරවලින් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.
ඒ අනුව ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට යුක්‍රේන ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
ආරක්ෂක විධිවිධාන සහ රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමුළුව අතරතුරදී වොලොදිමීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත බව වාර්තා වනවා.