Latest News

පාකිස්තාන ගුවන් හමුදාව, පස්වැනි පරම්පරාවේ හමුදාවක් බවට පත් කිරීමට සූදානමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන ගුවන් හමුදාව පස්වැනි පරම්පරාවේ හමුදාවක් බවට පත් කිරීමේ අරමු­ණින් චීනයෙන් J-35 නවීනතම ප්‍රහාරක ජෙට් යානා 40ක් මිලදී ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ද්විත්ව එංජිම සහිත තනි අසුනේ ප්‍රහාරක ගුවන්යානය දැනට අමෙරිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන ලොව වඩාත්ම මිල අධික ප්‍රහාරක ජෙට් යානාව වන F-35 වර්ගයේ නවීනතම යානාවට සමාන බව ද විදෙස් මාධ්‍ය වැඩි දු රටත් වාර්තා කළා.

ඒ අනුව මේ වසර අග භාගයේදී එහි අපනයන කටයුතු චීනය විසින් ආරම්භ කරනු ලබන බවත්, ඒ අනුව පාකිස්තානයේ හමුදා සැපයුම්වලින් 80%ක්ම චීනය විසින් සිදු කරනු ලබන බවත් සඳහන්.

පසුගිය මැයි මාසයේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පැහැ ල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමඟ උද්ගත වූ යුද ගැටුම්වලදී, පාකිස්තානය විසින් භාවිත කරනු ලැබූ අමෙරිකාව, තුර්කිය සහ චීනය රටවලින් ආනයනය කළ යුද අවි ඉන්දීය හමුදාව භාවිත කළ ඉන්දිය, රුසියානු හා ප්‍රංශ යුද අවි අබිබවා යෑමට අසමත්වූ බවත්, යුද්ධය සමථයකට පත් කිරීමට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පාකිස්තාන හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉන්දියාවේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෘජුවම සම්බන්ධ කරගනු ලැබුවේ ඉන් පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today