කැනඩාව කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වන ඉන්දීය බෙදුම්වාදී සික් කැරලිකරුවන්ගේ කලිස්තාන අන්තවාදී සංවිධානය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පළමුවරට කැනඩාව පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනඩාව තුළ මෙතෙක් කලිස්තාන අන්තවාදී සංවිධානය හා සම්බන්ධ ප්‍රහාර එල්ල නොවූවද, කලිස්තාන සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා කටයුතු එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි කැනඩාවේ ආරක්ෂක බුද්ධි සේවාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නවතම බුද්ධි තොරතුරු වාර්තාවල සඳහන් වනවා.
කලිස්තාන අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් කැනේඩියානු භූමිය තුළ කලිස්තාන ප්රචාරක කටයුතු සිදු කිරීම සහ අරමුදල් එක්රැස් කිරීම හෝ ඉන්දියාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සැලසුම් කිරිම වැනි ක්‍රියාකාරකම්වල නිරතවන බව බුද්ධි වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.
සික් බෙදුම්වාදී කලිස්තාන සංවිධානයේ සාමාජිකයන් දිගු කාලයක සිට කැනඩාවේ ක්‍රියාත්මක බව ඉන්දියාව මිට පෙර එරට රජයට දැනුම් දී ඇති අතර, පුද්ගලයන් 329 දෙනකුට මරු කැඳවූ 1985 එයාර් ඉන්ඩියා ගුවන්යානය පුපුරුවා හැරීමට සම්බන්ධ කලිස්තාන සංවිධානයේ සාමාජිකයන් 20 දෙනකුට වැඩි පිරිසක් නැවත භාර දෙන ලෙස ඉන්දීය රජය මීට පෙර කැනඩාවෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් වාර්තා වනවා.