ශ්රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර හට කැරිබියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ, ඔවුන් ආබාධවලට ලක්ව තිබීම හේතුවෙන්.
ඒ අනුව St Kits and Nevis Patriots කණ්ඩායමට Tabraiz Shamsi සහ Anrich Nortje යන ක්රීඩකයින් කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.
ඉන්දීයාව සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියට පෙර නුවන් තුෂාර අබාධයකට ලක් වුණා.
එමෙන් ම එක්දින තරගාවලියේ දෙවන තරගයට පෙර වනිඳු හසරංග ආබාධයකට ලක් වූ බවයි, ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
Nortje කැරබියන් ප්රීමියර් ලීග් තරගාවලියකට එක්වන ප්රථම අවස්ථාව ද මෙය වනවා.
ශම්සි මේ දක්වා තරග 32කට ක්රීඩා කර ඇති අතර එහි දී අවස්ථා 27ක දී St Kits and Nevis Patriots කණ්ඩායම නියෝජනය කර තිබීමත් විශේෂත්වයක්.
මෙම තරගාවලදී ශම්සි කඩුලු 33ක් දවා ගැනීමටයි සමත් වී ඇත්තේ.