එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
පැයක් පමණ පුරා පැවති එම සංවාදයේදී ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය සහ එම කලාපයේ උග්‍ර වන නොසන්සුන්තාවයි.
ඒ අනුව මෙම යුද්ධය “අවසන් කළ යුතුයි” යන මතයට නායකයින් දෙදෙනාම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
ට්‍රම්ප් තම 79 වැනි උපන්දිනය දා පුටින්ගෙන් ඇමතුමක් ලැබුණු බවත්, ඉරානය ගැන කතා කිරීමට එය වැදගත් වූ බවත් Truth Social හි සඳහන් කර තිබෙනවා.