ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගන්නේ නම් සාකච්ඡා සඳහා ඉන්දියාව සූදානම් බව ‘සින්දූර් මෙහෙයුම’ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කිරීමේ සංචාරයක නිරත වූ ඉන්දීය කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂි තරූර් බ්‍රසීලයේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සින්දූර් මෙහෙයුම පිළිබඳ ලතින් අමෙරිකානු රටවල රාජ්‍ය නායකයන් දැනුම්වත් කිරීමේ සංචාරයක් අතරතුර බ්‍රසීලයේ රාජ්‍යතාන්ත්‍රිකයන් මුණගැසුණු අවස්ථාවේදීයි.
සාමය හා සංවාද සඳහා නැවත නැවතත් ඉල්ලීම් ඉදිරිපත් කළ ද, ඉන්දීය – පාකිස්තාන සබඳතා ඉතිහාසය දේශසීමා ත්‍රස්තවාදයේ අඛණ්ඩ සිදුවීම්වලින් විනාශ වී ඇති බවත්, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ විශ්වාසය ගොඩනැඟීමේ පියවර පසුබෑමට ලක්වී ඇත්තේ එරට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තුරන් කිරීමට පාකිස්තාන රජය අසමත්වීම හේතුවෙන් බවත් දකුණු අප්‍රිකාවේ ‘ස්ටාර්’ පුවත් සේවය වාර්තා කළා.
පාකිස්තාන රජයේ අනුග්‍රහය ලැබෙන හෝ රජයට මැඬ පැවැත්වීමට නොහැකි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉන්දියාව ඉලක්ක කරමින් ඉතිහාසය පුරා මහපරිමාණයේ ත්‍රස්ත ප්‍රහාර සිදු කර ඇතැයි ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.