හෘද රෝග අවදානම අවම කර ගැනීම සඳහා Shake පානයක් මෙල්බන් හි පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
Monash විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ එය ලොව ප්‍රථම වරට සොයාගත් විද්‍යාත්මක වාර්තාවක් බවයි.
ඒ අනුව Short-Chain Fatty Acids ලෙස හඳුන්වන පදාර්ථයක් ඔවුන් බඩවැල් තුළින් සොයා ගෙන තිබෙනවා.
පර්යේෂකයන් පවසන්නේ ඉන් රුධිර පීඩනය පහළ දැමිය හැකි අතර හෘද රෝග අවදානම ද අඩු කරන බවයි.
අධි රුධිර පීඩනය සහ පාලනය නොවූ ස්ට්‍රෝක් [Stroke]අවදානම ද ඉන් අවම කෙරෙනවා.
මෙම Short-Chain Fatty Acids පදාර්ථය Shake එකක් ලෙස ලබාදිමේ හැකියාව පිළිබද පර්යේෂකයන් මේ වනවිට අවදානය යොමු කර තිබෙනවා.
Monash විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂකයෙකු වන මහාචාර්ය ෆ්‍රැන්සින් මාර්ක් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් අධි රුධිර පීඩනයට ගොදුරු වී ඇති බවයි.