Latest News

ශ්‍රී ලංකාවේ ත්‍රීවිල් පදින විදේශිකයන්ට අලුත් නීතියක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ පදවන විදේශිකයන් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව සියලු විදේශිකයන් ත්‍රිරෝද රථ පැදවීම සඳහා තාවකාලික බලපත්‍රයක් ලබා ගත යුතු වනවා.

තාවකාලික බලපත්‍රය ලබාගැනීම සඳහා විදේශිකයන් ලිඛිත පරීක්ෂණයකට සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී.පී.සී. උදය කුමාර මහතා ප්‍රකාශකර සිටියා.

තවද විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට හෝ පහසුකම් සැලසීමට දෙපාර්තමේන්තුව විසින් වෙනත් කිසිදු සංවිධානයකට බලය පවරා නොමැති බවද ඔහු අවධාරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today