Latest News

2024දී පාකිස්තානයේ සිදු වූ ළමා අපචාර ගැන නවතම අනාවරණයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ ළමා අයිතිවාසිකම් සංවිධාන හා රජයේ විවිධ ඒජන්සි වාර්තාවලට අනුව පසුගිය වසරේදි එරට ළමා අපචාර සිදුවීම් 3,364ක් සිදු වී ඇතැයි පාකිස්තාන ඩෝන් පුවත් සේවය වාර්තා කරනවා.

ඉස්ලාමාබාද් ඇතුළු පළාත් රැසකින් රැස් කරනු ලැබූ එම සංඛ්‍යාලේඛනවලට පාකිස්තානයේ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ පුවත්පත් 81ක පළවූ සිදුවීම් ද ඇතුළත් බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

පාකිස්තානයේ සෑම සමාජ මට්ටමකම ළමා අපචාර ඉහළ ගොස් ඇති බව එරට සුප්‍රකට සහිල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වාර්තාවකින් පෙන්නුම් කර ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳහන් කළා.

පැහැරගෙන යෑම්, අතුරුදන් කිරීම් සහ ළමා විවාහ වැනි බරපතළ සිදුවිම් ද ඇතුළුව පසුගිය වසරේ වාර්තා වන ළමා අපචාර සිදුවීම්වලට අවුරුදු 6 සහ 15 අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් වැඩි සංඛ්‍යාවක් ගොදුරු වී ඇති බවත්, ඒ අතර ගැහැනු දරුවන් 1,791ක් සහ පිරිමි දරුවන් 1,573ක් සිටින බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today