යුක්‍රේනය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ට සති දෙකක කාලසීමාවක් නියම කර තිබෙනවා.
රුසියා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය අනුව තම ප්‍රතිචාරය ද වෙනස් කර ගත හැකිවනු ඇති බවයි ට්‍රම්ප් පවසා තිබෙන්නේ.
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමග මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසා ඇත්තේ පුටින්ට යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය යැයි ඔබ සිතන්නේ ද යන්නයි.
එහිදී ට්‍රම්ප් පවසා තිබෙන්නේ “මට ඒක ඔයාට කියන්න බෑ. නමුත් සති දෙකකින් විතර මම ඔයාට දන්වන්නම්” ලෙසයි.
“එසේම සති දෙකක් ඇතුළත පුටින් අපිව අල්ල ගන්නව ද නැද්ද කියලා අපි හොයා ගන්නවා, එයා එහෙම නම් අපිත් ටිකක් වෙනස් විදියට ප්‍රතිචාර දක්වමු” යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
රුසියාව සහ යුක්‍රේනය අතර ගිවිසුමක් සඳහා සිදුකෙරෙන උත්සාහයන් අසාර්ථක බව ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශවලින් හෙළිවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් පසුගියදා ට්‍රම්ප් සහ පුටින් අතර පැය දෙකක දුරකතන සාකච්ඡාවක් ද සිදුකර තිබෙනවා.
රුසියාව, යුක්‍රේනයට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීමෙන් පසු ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ පුටින් සම්පුර්ණයෙන්ම පිස්සු වැටී ගින්දර සමග සෙල්ලම් කරන බවයි.