Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අයි සී සීය දූෂණ චෝදනා තුනක් යොමු කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට අයි සී සීය දූෂණ චෝදනා තුනක් යොමු කර තිබෙනවා.

ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි.

නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ WhatsApp පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බවයි  වාර්තා වන්නේ.

එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී අයි සී සීය දැනුවත් නොකළ බවටයි ප්‍රවීන් ජයවික්‍රම ට චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේවෙතත් අයි සී සීය ගොනු කර ඇති මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අගෝස්තු මස 6 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බව සඳහන්.

25 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අන්තර්ජාතික තරග 15කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2022 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති T20 තරගාවලියේදීයි.

World News

Send your contact Details Today