Latest News

මෝදි, පාකිස්තානය දෙසට යළිත් හැරෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාමකාමීව කටයුතු නොකළහොත් අනිසි ඵලවිපාකවලට මුහුණපෑමට සිදුවනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තාන තරුණ ප්‍රජාවට අනතුරු අඟවා තිබෙනවා.

ගුජරාට් හි පැවැති මහජන හමුවක් අතරතුර මෝදි වැඩිදුරටත් අවධාරණය කළේ ඉන්දියාව කිසිසේත් ත්‍රස්තවාදය නොඉවසන බවයි.

ඉන්දු – කාෂ්මීරයට අයත් පෙහෙල්ගාම් කලාපයේ පෙහෙල්ගාම් හි සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ මතගැටුම් තවමත් සමනය වී නැහැ.

එවන් පසුබිමක පාකිස්තාන තරුණයින් ඉලක්ක කරගත් දැඩි ප්‍රකාශයක් සිදුකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සාමය නම් මාවත අත්හැර ප්‍රතිරෝධී මාවතක් තෝරාගන්නා ඕනෑම අයෙකුට එරෙහිව ඉන්දියාව අවි ඔසවන බවටද එහිදී ඔහු දැඩිව ඉඟි කර තිබුණා.

පසුගිය අප්‍රේල් 22 වනදා පෙහෙල්ගාම් හි සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙක් ඝාතනය කෙරුණු අතර, එය කලාපීය යුදමය තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ඒ පාකිස්තාන එවන් ත්‍රස්තවාදීන් පුහුණුකර ඔවුන් පෝෂණය කරන බවට ඉන්දියාව පාකිස්තානය වෙත චෝදනා කිරීම හේතුවෙන්.

කෙසේ නමුත් විවිධ පාර්ශ්වවල මැදිහත්වීමෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර සටන්විරාමයක් ඇතිකරගෙන තිබෙනවා.

World News

Send your contact Details Today