Latest News

ප්‍රංශ ජනපති සහ ඔහුගේ බිරිඳ අතර සිදුවීමක් සමාජ මාධ්‍ය කළඹයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ වනවිට වියට්නාමයේ සංචාරයක නිරත වනවා.

එලෙස වියට්නාමයට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන් පසු ඒ තුළ සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් මීට හේතු වූ තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ දොර විවර වූ පසු, කාන්තා අතක් තරවටු ස්වරූපයෙන් මැක්රොන්ගේ මුහුණ අල්ලා තල්ලු කරන ආකාරය දැකගත හැකියි.

ගුවන් යානය පහළ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල මෙම සිදුවීම පටිගත වී ඇති අතර, මැක්‍රොන් ජනාධිපතිවරයාගේ බිරිඳ විසින් ඔහුව මෙලෙස තල්ලු කරන ආකාරය නිරීක්ෂණය වනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී මැක්‍රොන් ජනාධිපතිවරයා බොරු සිනාවක් ද ආරූඪ කරගන්නා ආකාරය දැකගත හැකි වනවා.

පසුව ප්‍රංශ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කිසිවක් සිදු නොවූ ලෙස ගුවන් යානයෙන් පහළට බසින අතර, එම අවස්ථාවේ දී
ජනාධිපතිවරයා තමන්ගේ අත අල්ලා ගන්නැයි බිරිඳට ඉඟිකරන නමුත් ඇය සිදුකරන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

World News

Send your contact Details Today