සින්දූර් මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව දිගින් දිගටම කටයුතු කරමින් ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.
ඔහු කියා සිටියේ පහල්ගම් හිදී සිදුවූ ආකාරයේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවුවහොත් ඉන්දියාව ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.
නෙදර්ලන්තය පදනම් කරගත් මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජයශංකර් මහතා වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ලැයිස්තුවේ නම් කර ඇති ත්‍රස්තවාදී ස්ථානවලට ඉන්දියාව පහර දුන් බවයි.
ඉන්දියාව ත්‍රස්තවාදීන්ට පහර දෙන බවට පැහැදිලි පණිවුඩයක් සින්දූර් මෙහෙයුමේ ඇති බවත් ඔහු පැවසුවා.
ප්‍රධාන ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ පදිංචි ස්ථාන සහ ඔවුන් ක්‍රියාත්මක වන ස්ථානය පිළිබඳ විස්තර සඳහන් ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිතිපතා නිකුත් කරන බවද ඔහු පවසනවා.