Latest News

පාකිස්තානයේ පාසල් බස් රථයක් ඉල්ලක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ, බලුකිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් පාසල් ළමුන් සිව්දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ .

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර මරණ සංඛ්‍යාවද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම බස් රථයට කාර් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ, හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් ප්‍රවාහනය කරමින් සිටින අතරතුරදියි.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් මේ වනතෙක් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බලුකිස්තාන් විමුක්ති හමුදාව විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට සැකපළකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today