පාකිස්තානයේ මිලියන 11ක පිරිසක් සාගත තත්ත්වයකට පත්වීමේ අවදානමක සිටින බව නවතම වාර්තාවකින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජගත් සංවිධානය සිදුකළ සමීක්ෂණයකට අනුව පාකිස්තානය තුළ මාරාන්තික මට්ටමින් බොහෝ පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ජගත් සංවිධාන වාර්තාවට අනුව මිලියන 11කට වැඩි පාකිස්තානුවන් පිරිසක් උග්‍ර කුසගින්නෙන් පෙළෙන අතර ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් සාගින්නෙන් පෙළීමට ආසන්න මට්ටමක සිටින බවද සඳහන්.
ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය 16 වනදා මෙම වාර්තාව නිකුත් කර ඇති අතර ආහාර අර්බුදය පිළිබඳ 2025 වසරේ ගෝලීය වාර්තාව ලෙසයි එය හඳුන්වා දී ඇත්තේ.
බලුකිස්තානය / සින්දා හා කයිබර් පක්හ්තුන්ක්වා යන ප්‍රදේශයන්හි ග්‍රාමීය දිස්ත්‍රික්ක 68ක සියයට 22ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින අතර මිලියන 1.7ක පිරිසක් හදිසි තත්ත්වයකට මුහුණ දී සිටින බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.
දේශගුණික විපර්යාස / දරිද්‍රතාව හා රාජ්‍ය නොසලකා හැරීම ආහාර අනාරක්ෂිතතාවයට හේතුවී ඇති බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.