Latest News

SL vs IND | ODI Match 03: තරගාවලියේ ජය සිංහයන්ට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (07) පැවැත්වුණා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළා.

ඒ අනුව සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරගය දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.

මීට පෙර ඔවුන් එක්දින තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරග 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණා.

මෙම තරගයේ විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දු 77කදී හතරේ පහර 3ක් සමගින්.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දු 65කදී හතරේ පහර 6ක් සමගින්.

World News