Latest News

කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගෙන් තරවටුවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

එම ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුවූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසළකා හරින බවයි.

“ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නන්, ඔබව බ්‍රැම්ප්ටන්හි පිළිගන්නේ නැත, කැනඩාවට ඔබව පිළිගන්නේ නැත. ආපසු කොළඹට යන්න,” එම අනුස්මරණ ස්මාරකය විවෘත කිරීමේ උත්සවයේදී බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඔහු පැවසුවේ දෙමළ ජනයාට විඳදරාගැනීමට සිදු වූ ප්‍රචණ්ඩත්වය සහ සංස්කෘතික තුරන්කිරීම පිළිබඳව ඔහු මුලින්ම දැනගත් දා සිට ස්මාරකය ඉදිකිරීම සම්පූර්ණ කිරීම තමාගේ පෞද්ගලික අරමුණක් වූ බවයි.

2009 දී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරාදමන ආකාරය තමාට පැවසූ ආකාරය ද නගරාධිපතිවරයා එහිදී පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම නගරාධිපති බ්‍රවුන් වැඩිදුරටත් කියාසිටියේ, ස්මාරක සැලසුම් හෙළි වූ පසු බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ සහ විරෝධතාකරුවන්ගේ විරෝධයට මුහුණදුන් බවයි.

විදේශීය ඇඟිලි ගැසීම් තිබුණත් ඉතිහාසය නොසළකා හැරීමට හෝ අමතක කළ නොහැකි බව ද ඔහු සඳහන් කළා.

“ශ්‍රී ලංකා රජය වැරදි තොරතුරු නිකුත් කළා, සත්‍යය වෙනුවෙන් කතාකරන දෙමළ ජනයාට අපහාස කිරීමට සහ පහරදීමට උත්සාහ කර තිබෙනවා. නමුත් අපි සත්‍යය දන්නවා, එහි ප්‍රතිඵලය තමයි අද අපි දකින මේ ස්මාරකය.” ලෙසයි ඔහු පවසන්නේ.

World News

Send your contact Details Today