Latest News

ඉම්රාන් ඛාන්ගේ පුතුන් දෙදෙනා පියා වෙනුවෙන් තම නිහඬතාවය බිඳ දමයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුතුන් තම පියාගේ දීර්ඝ කාලීන සිරගත කිරීම ගැන ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නිදහස් කිරීම සඳහා පාකිස්තානයට ජාත්‍යන්තර පීඩනයක් එල්ල කරන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ.

පුතුන් දෙදෙනා වන සුලේමාන් ඛාන් සහ කාසිම් ඛාන් තම පියාගේ සිරගත කිරීම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පළමු අවස්ථාවයි.

මාරියෝ නව්ෆාල් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, සහෝදරයන් තම නිහඬතාවය බිඳ දැමීමට හේතුව හෙළි කළා.

“අපි නීතිමය මාර්ග හරහා ගියා. ඔහුව එළියට ගන්න පුළුවන් කියලා අපි හිතුව හැම මාර්ගයක්ම අපි හරහා ගියා. ඒක තවත් නරක අතට හැරෙනවා. ඒ නිසා, අපිට ඒ විකල්ප ටිකක් ඉවරයි. දැන් අපි තීරණය කරලා තියෙන්නේ ක්‍රියාමාර්ග ගන්න එකම මාර්ගය ප්‍රසිද්ධියේ කතා කරන එක කියලා,” කාසිම් පැවසුවා.

ඔහු තවදුරටත් මෙසේ පැවසුවේ; “අපට අවශ්‍ය වන්නේ දැන් පාකිස්තානයට ජාත්‍යන්තර පීඩනයක් එල්ල කිරීමයි, මන්ද ඔහු දැනට අමානුෂික තත්ත්වයන් යටතේ ජීවත් වන බැවිනි. ඔවුන් ඔහුට මූලික මානව හිමිකම් ලබා දෙන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ගෝලීය පීඩනයයි.”

ට්‍රම්ප් කඳවුර සඳහා ඔවුන්ට පණිවිඩයක් තිබේ ද යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් සුලේමන් මෙසේ පැවසුවා; “නිදහසේ කතා කිරීමට සහ නිසි ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දෙන ඕනෑම රජයකට අපගේ පියා නිදහස් කිරීම සඳහා වන ඉල්ලීමට එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.”

World News

Send your contact Details Today