Latest News

කැනඩාවේ මහජන ආරක්ෂාව ශ්‍රී ලාංකිකයෙකු යටතට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

අගමැති Mark Carney ගේ නවතම කැබිනට් සංශෝධනයේදී දෙමළ-කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දිවුරුම් දුන් ආනන්දසංගරී, කැනඩා දේශසීමා සේවා ඒජන්සිය, රාජකීය කැනේඩියානු කඳුකර පොලිසිය (RCMP) සහ කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය (CSIS) ඇතුළු රටේ ඉහළම ජාතික ආරක්ෂක සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කිහිපයක් අධීක්ෂණය කරනු ඇති.

එම තනතුර දැරූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා වීමේ අවස්ථාව ගැරී ආනන්දසංගරීට ඒ් අනුව හිමිවී තිබෙනවා.

ගැරී ආනන්දසංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) මහලේකම් ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙකු වන වීරසිංහම් ආනන්දසංගරීගේ පුත්‍රයායි.

World News

Send your contact Details Today