Latest News

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතා කියූ දේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතනු ලැබුවා.

ඔහු එහිදී අවධාරණය කළේ ජීවිත 26 ක් බිලිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තියක් වන බවයි.

පාකිස්තානයට එල්ල කරන ප්‍රහාර අවසන් වී නැති බව සහ එම ප්‍රහාර අත්හිටුවා ඇත්තේ පාකිස්තානය ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බව ද අගමැතිවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියාව පාකිස්තානයේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්‍රියා කරන බවයි.

World News

Send your contact Details Today