Latest News

Paris 2024 Olympics: වසර 48කට පසු ප්‍රථම වරට ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරග ඉසව්වේ වෙනසක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 48කට පසු ප්‍රථම වරට ජැමෙයිකානු ක්‍රීඩිකාවන් නොමැතිව ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරග ඉසව්ව පවත්වා තිබෙනවා.

ඒ අනුව, එම තරගය තත්පර 21.83කින් නිමකර රන් පදක්කම අමෙරිකාවේ ගැබි තෝමස් විසින් දිනාගෙන ඇති අතර, ශාන්ත ලුසියාහි ජූලියන් ඇල්ෆ්‍රඩ් (22.08) රිදී පදක්කම සහ අමෙරිකාවේ බ්‍රිටනි බ්‍රවුන් ලෝකඩ පදක්කම (22.20) දිනාගෙන තිබෙනවා.

මේ අතර, 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලෙන් පසු මෙසේ ජැමෙයිකානු ක්‍රීඩිකාවන් නොමැතිව පැවැත්වූ ප්‍රථම ඔලිම්පික් උළෙල මෙයයි.

ජැමෙයිකාවේ තොම්සන්-හේරා 2021 වසරේ දී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති නමුත් ආබාධයක් හේතුවෙන් පැරිස් ඔලිම්පික් උළෙල අහිමිව තිබෙනවා.

එමෙන්ම ෂෙරිකා ජැක්සන් ද මීටර් 200 තරග ඉසව්ව සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වූ නමුත් ආබාධයක් හේතුවෙන් ඇයද අවසන් මොහොතේ තරගයෙන් ඉවත්ව තිබෙනවා.

World News