රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් විසින් යුක්‍රේනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහායි.
රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ, ශක්තිමත් සාමයක් ළගා කර ගැනීම සඳහා දෙරට අතර බැරෑරුම් සාකච්ඡා සිදු කළ යුතු බවයි.
එසේම, මෙම සාකච්ඡා ලබන සතිය අවසාන වීමට ප්‍රථම ආරම්භ කළ යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්‍රේනයට ගොස් යුධ ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඔවුන් ඉල්ලා තිබුණා.