Latest News

පාකිස්තානයෙන්, ඉන්දියාවට සයිබර් ප්‍රහාරයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවට පාකිස්තානය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවයි.

එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බව ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ සදහන්.

කෙසේ වෙතත්, වෙබ් අඩවි පාකිස්තානය යටතට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු අදහස් දක්වා නැහැ.

මේ අතර, පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එරට ජාතික අණදෙන අධිකාරියේ රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා වනවා.

බුන්යානුන් මාර්සූස් මෙහෙයුම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන අතර එහිදී ඉන්දියාව විසින් දියත්කළ සියලුම ගුවන් ප්‍රහාර සදහා ප්‍රතිප්‍රහාර පාකිස්තානය විසින් දියත් කිරීමට සිදු කරන බව එරට ප්‍රකාශකයෙකු පවසා තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

World News

Send your contact Details Today