Latest News

භයානක රෝගයක් පැතිරයාම නිසා පාකිස්තානයේ ප්‍රදේශයක් Lockdown කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ පේෂාවර් ප්‍රදේශය දින 12 ක කාලයක් සඳහා වසා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

වඳුරු උණ වසංගතය පැතිරීයාම හේතුවෙනුයි එම ප්‍රදේශය වසා තැබීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ.

කයිබර් පක්ටුන්ක්වා ප්‍රදේශයේ වෛරසය ආසාදනය වූ 17 දෙනෙකු පසුගිය මාස 03 ඇතුළත වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් බහුතරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හෝ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් බවටයි අනාවරණය වී ඇත්තේ.

නගරයට ඇතුළු වන හා පිටවන සියලු ස්ථාන ඒ අනුව වසා දැමෙනු ඇති.

නගරය වසා තැබෙන කාලය තුළදී සිල්ලර භාණ්ඩ අලෙවිසැල් , ෆාමසි හා හදිසි සේවා සපයන ආයතන පමණක් විවෘත කර තැබීමට අවසර ලබා දී තිබෙනවා.

World News

Send your contact Details Today