Latest News

“මට ගොඩක්ම ලැබෙන්නේ වැඩිහිටි චරිතවල ළමා කාලය නිරූපණය කරන්න” – මිනුෂි හිමංෂා

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිනුෂි හිමංෂා අපේ රටේ ළමා රංගන ශිල්පිනියන් අතරට පෑයූ තවත් ළමා තාරකාවකි. හිරු නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘අකුරට යන වෙලාවේ‘ කටකාර රුවනිව ඔබට මතකද? කලා ලොවේ සාර්ථක ගමනක් යාමට බලාපොරොත්තු වන ඇගේ කතාව මෙසේ අරඹමු…

මිනුෂි ඉතින් කොහොමද ?

හොඳින් ඉන්නවා. ඉස්කෝලේ වැඩත් කරගෙන, කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

මුලින්ම ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කියන්නකො?

මගේ ගම කොරතොට. මං ඉගෙන ගන්නේ අතුරුගිරිය මහාමාත්‍ය ජාතික පාසලේ 9 ශ්‍රේණියේ. තාත්තයි, අම්මයි, මල්ලියි තමයි මගේ පවුලේ ඉන්නේ.

මිනුෂි රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

සහන් රන්වල සර්ගේ රන්වල බළකායට මම එක් වුණා. ඒ හරහා තමයි මට පළවෙනි වෙළඳ දැන්වීම් රංගනයට අවස්ථාව ලැබෙන්නේ. එ් වෙනකොට මගෙ වයස අවුරුදු හතයි. ඒක රයිගම් සෝයා මීට් වෙළඳ දැන්වීමක්. ඊට පස්සේ සහන් සර්ගේ පංති හරහා තමයි පළවෙනි ටෙලි නාට්‍යය කරන්නත් අවස්ථාව ලැබෙන්නේ. ඒ නාට්‍යයේ නම ‘සත් වර්ෂා‘ ,විකාශය වුණේ ස්වාධීන රූපවාහිනියේ.

මේ වෙනකන් ඔයා සම්බන්ධ වුණු කලා නිර්මාණ ගැන කියන්නකෝ?

දැනට ටෙලි නාට්‍ය 13ක් විතර රඟපාලා තියෙනවා. ඒ අතරින් මම වැඩිපුරම ආස චරිතයක් තමයි “See You” ටෙලි නාට්‍යයේ ශලනි අක්කාගේ පොඩි කාලේ චරිතෙට. මගේ මල්ලි තමයි නාට්‍යයේ ශලනි අක්කගේ මල්ලිගේ චරිතෙට හිටියේ. ඒක මට විශේෂ අවස්ථාවක් වුණා. මල්ලිටයි මටයි ඇත්ත ජීවිතේ වගේම නාට්‍යයකටත් අක්කයි මල්ලියි විදියට රඟපාන්න ලැබුණු එක. මට ගොඩක්ම ලැබෙන්නේ ලොකු චරිතවල පොඩි කාලේ චරිත නිරූපණය කරන්න. මම තවත් ආස ටෙලි නාට්‍යයක් තමයි හිරු ටීවි එකේ “අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යය. ඒක තමයි මම වැඩිපුර කාලයක් කරන ටෙලි නාට්‍යය. මේ වෙනකොට ටෙලි ෆිල්ම් දහයක පමණ රඟපාලා තියෙනවා.

වෙළඳ දැන්වීම් ගැන කතා කරනවා නම් මම ගොඩක් වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. මන්චි, සොබා සිලෝන්, ලිට්ල් ලයන්, සමපෝෂ, සුරක්ෂා, ආර්පිකෝ, කිස්ට් කෝඩියල්, ලයිෆ් බෝයි සන්නාමවල වෙළඳ දැන්වීම් ඒ අතරින් කිහිපයක් විදියට කියන්න පුළුවන්.

රංගනයට අමතරව මිනුෂිට තියෙන දක්ෂතා මොනවද ?

මට නැටුම් වලට දක්ෂයි. පහුගිය අවුරුද්දේ තමයි පායින්පත් තිබ්බේ. ඒ වගේම ක්‍රීඩා වලටත් මම සහභාගි වෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පී මාමලා, නැන්දලා ගෙන් ඔයාගේ රඟපෑම් වලට ලැබෙන සහයෝගය කොහොමද?

ගොඩක් හොඳ සහයෝගයක් ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පී මාමලා නැන්දලාගෙන් ලැබෙනවා. අපේ රඟපෑම්වල අඩුපාඩු කියලා දෙනවා වගේම ඉගෙන ගන්න වැඩකටයුතුත් හොඳින් කරන්න කියලා උපදෙස් දෙනවා.

මිනුෂිට රඟපානකොට මුහුණ දෙන්න වුණු අමතක නොවෙන සිද්ධි එහෙම තියෙනවද?

එක සීන් එකක තිබුණා මම පිරිමි ළමයෙක්ගේ කම්මුලට ගහන්න ඕන. ඒක මට අමතක නොවෙන සිද්ධියක්. ඒ වගේම මට හොඳ යාළුවෙක් මේ ක්ෂේත්‍රයෙදි හම්බ වුණා. එයාගේ නම මෙත්සුකි.

ඔයාගේ වැඩ කටයුතුවලට කවුද උදවු කරන්නේ ?

අම්මයි තාත්තයි මල්ලියි. විශේෂයෙන්ම අම්මගේ යාළුවෝ ගොඩක් උදවු කරනවා.

මිනුෂි අනාගතේ කවුරු වෙන්නද කැමති ?

හොඳින් ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න තමයි.

ඔයා සම්බන්ධ වෙන ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?

ලක්ෂ්මන් පුෂ්පකුමාර මාමගේ ‘මීදුම් තරණය‘ චිත්‍රපටය සහ තවත් ටෙලි ෆිල්ම් එකක් විකාශය වෙන්න නියමිතයි. ‘මීදුම් තරණය‘ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක් කරන්නේ.

World News

Send your contact Details Today