Latest News

පාසැල් සිසුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතයට තහනමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ෆින්ලන්තයේ ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල සිසුන් විසින් දිවා කාලයේදී ස්මාර්ට්ෆෝන් සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය සීමා කරන නීති එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.

සිසුන්ගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ ඉගෙනුම් පරිසරයේ ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වීම නව ප්‍රතිපත්තිය පිටුපස ඇති ගාමක සාධක බවයි නීති සම්පාදකයින් පවසන්නේ.

ඒ අනුව නව නීති අගෝස්තු මාසයේ ලබන පාසල් වර්ෂය ආරම්භයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

කෙසේවෙතත් පාසල් පරිශ්‍රයන්හි ජංගම දුරකථන භාවිතය නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර නොමැති අතර ඒ වෙනුවට පන්ති කාලය තුළ උපාංග භාවිතයට අවසර දීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ බලය ගුරුවරුන්ට භාර දී තිබෙනවා.

නව රීතියට සිසුන් මිශ්‍ර ප්‍රතිචාර දක්වා ඇති අතර, සමහරු එය පිළිගනිමින්, දුරකථන බොහෝ විට පන්තිය තුළ අවධානය වෙනතකට යොමු කරන දෙයක් විය හැකි බවට රජය සමඟ එකඟ වන අතර තවත් සමහරු විශ්වාස කරන්නේ නව පියවර සිසුන් කෙරෙහි විශ්වාසයක් නොමැතිකම පෙන්නුම් කරන බවයි.

World News

Send your contact Details Today