Latest News

පාලනයකින් තොරව පැතිරෙන රෝගයක් ගැන අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

2022 සිට, ඇමරිකාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් කුකුලන් මිලියන 168 කට වඩා මරා දමා ඇති අතර, එය බිත්තර මිල අහස උසට නැගීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම කුරුළු උණ, කිරි ගව රංචු 1,000 කට ආසන්න සංඛ්‍යාවකට බලපා ඇති අතර එක් මරණයක් සහ රෝගීන් 70 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන්ම පුද්ගලික ආරක්ෂක පිළිවෙත් නොමැති ප්‍රදේශවල, කුකුළු කර්මාන්තය සැලකිය යුතු අවදානමක පවතින බවයි Global Virus Network විශේෂඥයින් පවසන්නේ.

මේ අතර COVID-19 වසංගතය පාලනයට නිර්මාණය කරන ලද Office of Pandemic Preparedness and Response කාර්යාලය, ට්‍රම්ප් පරිපාලනය බලයට පත් වූ දා සිට කාර්ය මණ්ඩලයක් නොමැතිව සහ අරමුදල් නොමැතිව ක්‍රියා විරහිතව ඇති බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today