Latest News

TITANIC නැවට නොදෙවෙනි චීනයේ “ඇඩෝරා” නෞකාවේ අලුත්ම තොරතුරු එළියට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ නිෂ්පාදනය කෙරෙමින් පවතින ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයට ළඟා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 2026 වසර අග භාගයේ දී එය මෙහෙයුම් සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

‘ඇඩෝරා ෆ්ලෝරා සිටි’, නෞකාව චීනයේ නිෂ්පාදිත දෙවන විශාලතම සුඛෝපභෝගී නෞකාවයි.

චීනයේ ෂිප් බිල්ඩින් සමාගමේ නිෂ්පාදනයක් වන එම නෞකාව පසුගියදා ඉපිලීමේ පරීක්ෂාවට ලක්කෙරුණා.

නෞකා නිෂ්පාදකයන්ට අනුව ඕනෑම විශාල නෞකාවක් නිපදවීමේ දී මෙම පරීක්ෂණය ඉතා වැදගත් වනවා.

එහිදී නෞකාවේ බද පිළිබඳව පරීක්ෂා කෙරෙන බව සඳහන්.

මේ අනුව ඇඩෝරා නෞකාව මෙම පරීක්ෂණය සාර්ථකව සමත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන ක්‍රියාවලියේ මීළඟ පියවර වන පද්ධති ක්‍රියාකාරිත්වය සහ අභ්‍යාන්තර අලංකරණය කෙරෙහි නිෂ්පාදකයින් මේ වනවිට යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන සැලසුම අනුව 2026 මැයි මාසයේ දී එය අත්හදාබැලීමේ පරීක්ෂාවකට යොමු කිරීමට නියමිතයි.

එය මෙහෙයුම් සඳහා යෙදවීමට සැලසුම් කර ඇත්තේ 2026 වසර අග භාගයේ සිටයි.

ඊට පෙර පරීක්ෂණ ලක්ෂයකට අධික සංඛ්‍යාවකට ලක්වීමට එම නෞකාවට සිදු වනවා.

මගී ප්‍රවාහන නෞකාවක් වන ‘ඇඩෝරා ෆ්ලෝරා සිටි’ නෞකාවේ බර ටොන් එක්ලක්ෂ හතළිස් එක් දහස් නවසියයක්.

එමෙන්ම එය මීටර 341ක දිගකින් යුක්තයි.

මෙහි ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවන අතර එය විනෝදාත්මක පහසුකම් රැසකින් ද සමන්විත වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today