Latest News

ඉන්දු – පාකිස්තාන යුද ගැටුම් තත්ත්වය ගැන චීනය කට අරියි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දු – පාකිස්තාන යුද ගැටුම් තත්ත්වය පරිණාමය නොවී දෙපාර්ශ්වය ම මනා සංයමයෙන් කටයුතු කරන ඇති බව චීන රජය විශ්වාස කරනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඊයේ (27) පාකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් සමග දූරකථන සංවාදයක නිරත වෙමින් මේ බව සඳහන් කර ඇති බවයි.

දෙපාර්ශ්වයේ ම ආතතීන් සමනය කරගැනීමට කටයුතු කිරීමේ වැදගත් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

තම රට ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශ සීමා, දේශපාලනික තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද චීනය පවසනවා.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයකට චීනය සහාය දක්වන බවයි වැන්ග් මහතා ඩාර් මහතාට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම සහ සියලුම පාකිස්තාන වීසා තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග ඉන්දියාව දැනටමත් පාකිස්තානයට එරෙහිව ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today