Latest News

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ගැන නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ වන විට 43% ක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතරම් පහළ අගයකට ඔහුගේ ජනප්‍රියත්වය ඇද වැටුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

තීරු බදු පැනවීම ප්‍රමාණය ඉක්මවා යමින් සිදු කිරීම ජනප්‍රියත්වය පහළ වැටීමට ප්‍රධානම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයේ ඉහළම අගය 49% ක් ලෙස 2017 වසරේ ජනවාරි මාසයේදී සටහන් වූ අතර 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එහි අවම අ‍ගය වන සියයට 33 සටහන් වූවා.

World News

Send your contact Details Today