Latest News

ඉන්දු – අමෙරිකා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දු – අමෙරිකා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රසාදය පළ කළ බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡා පවත්වා ඇත්තේ ඊයේ (21) නවදිල්ලියේ පැවැති ද්විපාර්ශ්වික හමුවක දී යි.

අමෙරිකානු උප ජනාධිපතිවරයාගේ සිව්දින ඉන්දීය සංචාරයට සමගාමීව මෙම හමුව සිදු වුණා.

ඉන්දියාව සහ එක්සත් ජනපදය විශේෂ සහ වරප්‍රසාද ලත් හවුල්කාරිත්වයක් භුක්ති විඳින අතර, පිළිවෙලින් විශාලතම සහ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ භාරකරුවන් ලෙස පුළුල් ලෙස සලකනු ලබනවා.

මේ අතර ධවල මන්දිරය පවසා ඇත්තේ, ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාව සමඟ සිය සබඳතා ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස තබා ඇති අතර ලෝකයේ විශාලතම භාණ්ඩ නිෂ්පාදකයා වන චීනය සමඟ වෙළඳ යුද්ධයක පහර තරමක් දුරට සමනය කළ හැකි වෙළඳ ගනුදෙනුවක් ඇති කර ගැනීමට උනන්දු වන බවයි.

එම වෙළඳ ගනුදෙනුව එළඹෙන ජූලි අග වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඉන්දියාව විශ්වාසය පළ කරනවා.

බ්ලූම්බර්ග් වර්තාවලට අනුව, නව දිල්ලියේ නම් නොකළ නිලධාරියෙකු පවසා ඇත්තේ, අගමැති මෝදි සහ ජේඩී වැන්ස් අතර හමුවෙන් ටික කලකට පසු, මේ සතියේ අංශ-විශේෂිත වෙළඳ සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

මැයි අග වන විට වෙළඳ සාකච්ඡා අවසන් කිරීම සඳහා නව ඉලක්කයක් තැබිය හැකි බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමක් සඳහා ළඟදීම වොෂින්ටනයට පැමිණෙන ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, ඉන්දියා-එක්සත් ජනපද වෙළඳ ගිවිසුම අවසන් කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් සමඟ උසස් මට්ටමේ සාකච්ඡා පවත්වනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

World News

Send your contact Details Today