Latest News

අමෙරිකානු හමුදාවෙන් යේමනයට ගුවන් ප්‍රහාර මාලාවක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු හමුදාවෙන් යේමනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හවුති කැරලිකරුවන් ඉලක්ක කරමින්.

යේමනයේ හොඩෙයිඩා නුවර කේන්ද්‍ර කරගත් හවුති ඉලක්ක වෙත එම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රහාරවලින් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

අමෙරිකානු හමුදාවෙන් අඛණ්ඩව දෙදිනක් පුරා හොඩෙයිඩා නුවර ගුවන්තොටුපොළ සහ වරාය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් මිය ගිය බවට යේමනයේ හවුති කැරලිකරුවන්ට සහාය පළ කරන අල් මසිරා රූපවාහිනි නාළිකාව නිවේදනය කර ඇති අතර, එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සිය මෙහෙයුම් අඩාළ කිරීමට නොහැකි බවත්, තවදුරටත් රතු මුහුද සහ ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවත් හවුති කැරලිකරුවන් නිවේදනය කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News

Send your contact Details Today