මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වන ‘නෙළුම් කුළුණ’ වැඩිහිටි සිංහල චිත්‍රපටයේ දෙමළ අනුවාදය ඊයේ සිට අන්තර්ජාලයේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගතවීම අරඹා ඇති අතර මේ වනවිට නෙට්ෆ්ලික්ස්හි ලංකාවේ නැරඹුම් අනුව අංක 1 ට ශ්‍රේණිගතව තිබෙනවා.
වැඩිහිටි විකට විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි කථාව වයෝවෘද්ධයෙකු ලිංගික උත්තේජනයකින් පසුව මිය යාම වටා දිවයන අතර, ඉතිරි කථාව ඔහුගේ පුත්‍රයන් සහ පවුලේ අය ඔහුගේ අවසන් කටයුතු ඉටු කරන ආකාරය පිළිබඳව පවතිනවා.
සිංහල බසින් මුලින්ම මෙම චිත්‍රපටය 2023 දී නිෂ්පාදනය කරන ලද නමුත් තිරගත කරන්නට පමාවුණා.
මුල්ම වතාවට සිංහල චිත්‍රපටයක් මුලින් නිපදවා පසුව එය ඉන්දීය භාෂා අනුවාදවලට හැරවූයේ මෙම චිත්‍රපටය බවයි කියැවෙන්නේ.
දමිළ බසින් ‘පෙරුසු’ නමින් නම් කර ඇති චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් OTT වේදිකාවේ දෙමළ බසින් මෙන්ම, තෙලුගු, මලයාලම් සහ කන්නඩ යන භාෂා ඔස්සේද නැරඹිය හැකි ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
දමිළ අනුවාදයේ වයිබව් සහ නිහාරිකා NM ප්‍රධාන චරිත ලෙස රඟපාන අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ නවක අධ්‍යක්ෂක ඉලංගෝ රාමනාදන් විසින්.
එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්…