Latest News

අවුරුදු සමයේ රථවාහන අනතුරු අවධානම ඉහළට

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ හදිසි අනතුරුවලින් සෑම පැයකටම එක් අයෙකු බැගින් පුද්ගලයින් 4 දෙනෙකු මිය යන අතර, දිනකට 30-36 අතර සංඛ්යාවක් ද, වාර්ෂිකව 120,000ක් පමණ ද මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

මෙම අවුරුදු සමයේදී රිය අනතුරු, දියේ ගිලීම් සහ නිවෙස්වල සිදුවන අනතුරු වැඩි විය හැකි බවත්, එම නිසා ජනතාව ඉතා පරිස්සමින් කටයුතු කළ යුතු බවත් ඔහු අනතුරු අඟවා සිටියා.

අවුරුදු සමයේදී සිදුවිය හැකි හදිසි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී වෛද්‍ය සිරිතුංග මහතා මෙම කරුණු අනාවරණය කළා.

අවුරුදු සතියේදී රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වැඩිම පිරිසක් හදිසි අනතුරු රෝගීන් විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.

“දැනටමත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් බහුතරයක් හදිසි අනතුරු රෝගීන් වන අතර, අවුරුදු සමයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකිය,” බවයි ඔහු පැවසුවේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අනතුරු වැඩිවිය හැකි බවට අනතුරු ඇඟවීම්

විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේ පෙර අවුරුදු කිහිපය සැලකූ විට ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු සාපේක්ෂව අවම මට්ටමකට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, 2024 වසරේ අවුරුදු සමයේ හදිසි අනතුරුවලින් මිය ගිය සංඛ්යාවට සාපේක්ෂව මෙම වසරේ අවුරුදු සතිය තුළ හදිසි අනතුරුවලින් මිය යන ප්‍රමාණය ඉහළ යා හැකි බවට ඔහු අනතුරු ඇඟවූවා.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතා අවධාරණය කළේ අවුරුදු සතිය තුළ සිදුවිය හැකි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් රිය අනතුරු විය හැකි බවයි.

රියැදුරන්ගේ අපරික්ෂාකාරීත්වය, බීමත්කම, මෙන්ම මගීන්ගේ හා පදිකයන්ගේ අනවධානය වැනි හේතු නිසා මෙම අනතුරු සිදුවිය හැකි බව ඔහු පැවසුවා.

“රිය අනතුරුවලට පසුව වැඩිම අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් ඇත්තේ ජලයේ ගිලීමෙන්. අවුරුදු සමයේ විනෝද චාරිකා යෑමේදී නොදන්නා ස්ථානවල නෑමට යෑමෙන් වැළකී සිටින ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා,” ලෙසයි වෛද්‍ය ලියනගේ මහතා අවධාරණය කළේ.

World News