Latest News

චීනය ගැන ට්‍රම්ප්ගේ මීළඟ පියවර ගැන තොරතුරු එළියට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් චීන භාණ්ඩ සඳහා පනවා ඇති සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය ඊයේ (10) නිවේදනය කළා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ධවල මන්දිරය මේ බව සඳහන් කළා.

මේ අතර චීනය මීට පෙර එක්සත් ජනපද භාණ්ඩ රටට ඇතුළු වීම සඳහා 84% ක තීරුබදු ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් චීනය ඇතුළු අනෙකුත් රටවලට ඉහළ දැමූ තීරු බදු දින 90ක් කාලයකට අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.

මෙම දින 90ක සහන කාලය චීනය වෙත නොලැබෙන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටියේ.

මේ අතර ට්‍රම්ප් පැවසුවේ චීනය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට තමා තවමත් බලාපොරොත්තු වන බවත්, ඔවුන් “දෙරටටම ඉතා හොඳ දෙයක් අවසානයේ ක්‍රියාත්මක කරනු ඇති” බවත් සඳහන් කර සිටියා.

World News

Send your contact Details Today